Thursday, March 4, 2010

කවිමද ජීවිතය

නින්දත් නැතුව කම්මැලිකමට කොලයක් ගත්තම පද වැලක් අමුනන්න මට හිතුනා කවිමද ජීවිතය කියල. පුරුදු වෙන්නත් එක්ක හිතට එන අදහසක් ලියන්න ඕනි කියලා හිතුනා...

මොනව ගැන ලියන්නද කියල හිතත්දි ඊයෙ බස් එකේ අඩපු ගෑනු ළමයව මතක්වෙලා ආදරය ගැන ලියන්න හිතුනා. (ඒ සිදුවිම ගැන පද පේලියකුත් ලිව්වා)

ආදරය කියන්නේ ඇත්තටම මොකක්ද? මා හිතන විදිහට එකිනෙකා අතර විශ්ව‍ාසය මත පදනම් වුනු රාගයෙන් වර්ණවත් වුනු සහෝදරකමට වඩා එහා ගිය බැදීමකට තමයි ආදරේ කියන්නේ. එත් ඒ හැගීම අද ආදරය කරන අය ලග තියනවද?
හැමෙ‍ා්ම හිතන්නෙ ආදරය රාගය කියලයි. දැන් හැමෝටම අශාවයි ආදරයයි පැටලිලා. දෙන්නෙක් සිප ගත් පළියට ඔවුන්තුල සැබෑ ‍ආදරයක් ඇතිවන්නේ නැත. එකම බ‍සයේ එකට ඉදගෙන අත් අල්ලාගෙන යන හැමෝම පෙම්වතුන්මද? ආදරය කිරීමට ඔවුනොවුන් හමුවිය යුතුමද? මා දිකින පරිදි ආදරය කිරීමට හමුවිය යුතුම නැත සිප ගත යුතුම නැත ඔවුන් සෑබැ පෙම්වතුන්නම් එක වදනකින් මුලු ජීවිතයම පුබුදුවාලන අමුතු ජීවයක් ආදරයතුල පවතී. පලමු පෙම අත්විදින පෙම්යතුන් මෙය හොදින් දනිති.

තමුත් අද ආදරය රාගයට සීමා වී ඇත තම ශාරීරික උවමනාවන් සපුරා ගැනීමට "ආදරය" නැමති වචනයට අද සමාජයතුල ඉහල ඉල්ලුමක් පවතී. මෙය මා දකින පරිදි හුදෙක් තරුණ පරපුර විසින් කරනු ලබල වරදක් නොවේ. ලාංකීය සමාජයතුල ඇතිවන බලපැම් මත ආදරය විකිනීම ඇර වෙන විකල්පයක් ඇත්දැයි විමසා බැලිය යුතුය. මක්නිසාද යත් අප සියලු දෙනාම සැපයට කැමති මිනිසුන් බැවිනි

බටහිර සමාජය ඉහලින් අප අගය කරමු. ඔවුන්ගේ ගුන ගයන්නෙමු. අද සෑම තරුණ තරුණියකම බටහිරකරනයට ලක් වීමට වෙර දරති බෙ‍ාරුවට හෝ පොෂ් "posh" වීමට උත්සහ කරති. නමුත් අප අපටම අවංකව විමස‍ා බැලුවොත් අප තාමත් ගතානුගතික රාමුවක සිරවී ඇතිබව පිළිගත යුතුය.

තරුණයකු ආදරය විකුනා රාගය සොයා ගියද, තමාගේ සහකාරිය කන්‍යාවියකු විය යුතු බවට ඔහුගේ සිත කියයි. ඓසේ නොමැති නම් ඔහු ඇය ගැන සැක කරති. කෙතරම් පෙම්වතුන් සිටියත් තමාගේ සහකරු නොඉදුල් විය යුතුය. මෙය අද සමාජයේ පවතින යථාර්තයයි. මෙය අප තවමත් අපරදිග ගතානුගතික රාමුවක සිරවී සිටින බවට කදිම උදාහරනයක් නොවේද?

එය ඒසේ නම් තරුන තරුණියන් පොෂ් "Posh" වීමට මෙතරම් වෙහසෙන්නේ ඇයි? මට හැගෙන පරිදි හුදෙක් තම ශාරිරික අවශ්‍යතාවයන් සපුරා ගැනීම සදහ‍ා විකුණන ආදරය නැමති භාණ්ඩයේ වටිනාකම වැඩි කිරීම සදහා දමන එක් වෙළද දැන්වීමක් පමණි...

හුදෙක් කියවීමට නොව විමසා බැලීමටය.


(මෙය මාගේ සිතට නැගුන අදහසක් පමණි. තවද එක් දෙයක් කිමට කැමැත්තෙමි මෙය මා මෙසේ ලියන පලමු වදන් පෙල ‍වේ. එම නිසා මෙහි අඩුලුහුඩු කම් ඇතෙ‍ාත් දන්වන මෙන් ඉල්ලා සිටිමි.)

No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...