Thursday, April 29, 2010

කොස් ගහ නුඹයි

කොස් ගහ නුඹයි මගෙ දිවියට බත් ගහය
වරකා නැතිය හැදුනේ වැල පමණමිය
කන්නට ආසමුත් දිය රස පිනවමින
වැල හිද්දාද බැරි ඔය හැටි ගිලගන්න

දිවගට මිහිරිමුත් වැල බැරිනන් ගිලගන්න
වරකා ගසක් බැරිනන් පැල කරගන්න
කන්නට ආස හින්දා කුස පුරවන්න
වැල වරකා නැතිව ගැට පොලොසක් දෙන්න




6 comments:

  1. ගහේ ඉන්න කපුටට පසන්ගේ කවිය ඇහිලා ඌ මෙහෙම කියනවා

    කපුටු කාක් කාක් කාක්
    මේ අහපන් සාන් සාන්
    පොලොස් මොටද බාන් බාන්
    වැල බාපන් රැන් රැන්

    ReplyDelete
  2. පෙරේත කම තිබුනට ගිල ගන්න
    බැරි නම් පුළුවන් කෙනෙකුට දෙන්න
    වැල දියවෙලා පත බෑවෙන්න
    කලියෙන් කරන දෙයක් කරගන්න

    ඉල්ලන්නෙම ගැට පොලොස් දුන්නට වැල වරකා‍
    ඇ බං පැණී රසට අකමැති ඇයි මෙ ගොල්ලා
    ගැට වලට අත නොතියා වැල කාපල්ලා
    වැඩි වෙනසක් නැහැ දුන් දේ කා හිටපල්ලා

    ආසනම් කන්නට නාබර පැනි වරකා
    ටික දොහක් ඉවසපන් ගැට වන තුරැ වරකා
    එතකන් මක් කරන්නද වැල කාපල්ලා
    ඇට එහෙ මෙහෙ නොදා හරි තැනතට දාපල්ලා

    නිකන් තියෙන වැල කෑවම මක්වේද
    වැල කෑවම උඩු තල්ලේ ඇල‍වේද
    වරකා නැති කල වැල නොකා පුළුවන්ද
    අමාරුවෙන් උනත් කැවොත් බඩටම නේද

    ReplyDelete
  3. නියම අදහස...නියමයි..!!

    ReplyDelete
  4. පෙරේත කම තිබුනත් මට ගිලගන්න
    බැරි හන්දයි මා තනිඋන බව දැන ගන්න
    වැල පත බෑ උනත් මට බැරිවෙයි දැන් කන්න
    ගැට වල වරද මට පහදා දී යන්න

    කන්නට ආස හින්දා රස පැණි වරකා
    ඉන්නනෙමි කල්පයක් උව කන්නට වරකා
    දැන් මට කන්න කොහෙදෝ රස පැණි වරකා
    ගැට පොලසක් දියන් මා ගැන පින් සලකා

    නිකන් උවත් තියනා වැල කා හැකිද
    වැල කෑවම ඈලෙනා බව දන්නැතිද
    වරකා නැති උනත් වැල කන්නට පුලුවන්ද
    බඩ කට නොපිරුනත් හිත සතුටින් නේද

    ReplyDelete
  5. Naya/
    ස්තූතියි අගය කිරිමට

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...