Tuesday, May 4, 2010

ආදරෙයි මම...... නුඹට පෙර ලෙස

සිහින් සුසිනිදු........
වලා අතරින්
සැගිවිලා ගිය......මගෙ සරා සද
ඇත නොපෙනන.... ඉමව්වක හිද
දේවතාවක්..... ලග නිදනු ඇත//

අයද ලතවුන.... අහිමි ප්‍රේමයේ
ඉරිතලා ගිය..... අහිංසක හද
සැගවිලා නුඹ..... ගෙවන දිවියක
මල් පිපේවා..... නුඹේ ලොවතුල

සිහින් සුසිනිදු //

අහිමිමුත් නුඹ........මගේ දිවියට
නුඹේ ලොවතුල...... මල් පිපෙනු ඇත
එපා කිසිවිට...... පසුතැවෙන්නට
ආදරෙයි මම...... නුඹට පෙර ලෙස

සිහින් සුසිනිදු //

(තනුව හිතේ....දාන්න විදිහක් නැහැ :(... :D )

6 comments:

  1. තනුව ... හිතා ගන්න පුලුවන්...
    හොඳ ගාය​​කයෙක්ට දෙමුද... නැත්තම් කිරිහාමියාට දෙමු...

    ඈත්තටම ලස්සනයි ...

    ReplyDelete
  2. වත්/
    ගොඩක් ස්තූතියි අගය කලාට. අනේ ඈයි අර ලස්සන photo එක අයින් කරේ
    අපි මේක කිරිහාමිටම දෙමු අරන් ගිහින් වතුරෙ ඔබන්න කියල හික්.... හික්..... හික්......

    ReplyDelete
  3. අප දෙදෙනා පැතු පැතුමි
    උඩු සුලගට පා වෙලා..
    අතිත සිතුවිලි පොදි බැදගෙන
    කදුලු වැටෙ හිත රිදිලා..
    හිනයක් නැති අන්දකාරේ
    මගේ නෙත් පියවෙලා..
    දිදුලන තරැ අහසේ
    සරා සද තනිවෙලා..

    ReplyDelete
  4. ලෙඩේ හොඳයි වගේ..මේ ඇවිත් ඉන්නේ අපූරු සින්දුවක් එහෙම අරගෙන..ප්‍රේමණියයි.....පැණි බේරෙනවා...ලෙඩ හැදුනට පාඩු නෑ වගේ නේද පසන්...මොලේ පෑදිලා නොවැ ;)

    ReplyDelete
  5. නිපූ/

    සද තනි උනත් රෑ අන්ධකාරේ
    කුමට නම් දුක් වෙම්ද තරු පොකුරු අතරේ
    කදුලු බිදු වැටුනත් අතීත සෙනෙහේ
    නෙත් ඈරන් ඉනු මැන විදින්නට අරුමේ

    ReplyDelete
  6. දිල්/
    අප්පා එච්චර දේවල් තිබ්බද ඈයි කලින් මගෙ මොලේ තිබුන් නැද්ද :(.... ලෙඩේ හැදුනට අම්බානක පාඩුයි අනේ ඉන්න බැරුව ඉන්නෙ දැන්නන් හොද ගනන් අප්පා...........

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...