Friday, June 18, 2010

සිහින මවන පෙම්බරා........ මම වෙමි දිවි ඇතිතුරා


සිහින ලොවක සැරිසරා
ආවෙමි මම නුඹ සොයා
සිහින මවන පෙම්බරා
මම වෙමි දිවි ඇතිතුරා

පාට සිහින ලෝකයේ
නුඹ සෙව්වෙමි මගෙ ප්‍රියේ
කවුදෝ නුඹ කුමරියේ
කොහෙ සිටදෝ පැමිණියේ




මල් මුතු වැල් මාල නෙලා
ගෙලවට එය පලදලා
ගෙන යමි නුඹ ලං වෙලා
ඉන්නවාද මගෙ වෙලා

රන්තරු ලොවෙ ඇතිතුරා
මියනතුරා සැනසිලා
තුරුලේ නුඹෙ සැතපිලා
ඉන්නෙමි මගෙ නෙතු පියා

12 comments:

  1. නියමයිනේ

    ReplyDelete
  2. මරු මරු අයියා..

    "පාට සිහින ලෝකයේ
    නුඹ සෙව්වෙමි මගෙ ප්‍රියේ
    කවුදෝ නුඹ කුමරියේ
    කොහෙ සිටදෝ පැමිණියේ"

    කොහෙ සිටදෝ පැමිණියේ?????

    ReplyDelete
  3. සිහින ලොවේ පාවෙලා
    නුඹ ආවට ගී ගයා
    නිදි නැති ලොව ඇහැරිලා
    බලන විටදි නුඹ ගියා

    හ්ම් අගෙයි.....

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්ම් ! හරිම ලස්සනයි සිහින කුමරෝ

    ReplyDelete
  5. ලස්සනයි ලස්සනයි...comment ටිකත් සතු‍ටු හිතෙන විදිහට තියෙනවනේ......;)

    ReplyDelete
  6. ලස්සනයි...හිතට දැනෙන පද පෙළක්

    ReplyDelete
  7. වෙනදා ඒවට වඩා සරළයි වගේ. හොදයි නමුත් වෙනදා ඒවා තරම් ෆිට් නැහැ මට.

    ReplyDelete
  8. සද පායා දිලිසුනා
    මම තරුවට ගොඩ වුනා
    වලාකුලින් පාවෙලා
    සිහින ලොවට යා වුනා.... :D :D

    ReplyDelete
  9. මාරයි.. හී හී නියම නිර්මාණයක්

    සිහින ලොවේ සැරිසරා
    සිහින දකිනු නොව විඩා
    සිහිනය එළි වන තුරා
    සොයන්න කුමරී බලා

    ReplyDelete
  10. Hasitha ජයසූරිය/
    ගොඩක් ස්තූතියි මල්ලියො

    nirahankaara ahinsakaawi/

    දන්නෑ නංගියො මොන ලොකෙන් ආවද මන්ද හික්ස් ස්තූතියි


    wath/

    ගොඩක් සතූතියි මේ පැත්තට ඇවිත් ගියාට

    දිල්/

    ඔව් ඉතින් මේ කුමරා හැමදාම සිහිනෙන් තමා හික්ස් ස්තූතියි ගොඩක්

    kesh /

    ගොඩක් ස්තූතියි............

    ReplyDelete
  11. ජංජාල චාමර/
    ගොඩක් ස්තූතියි සහෝ

    ගීත් (සහෘදයා)/

    උඹට ඉතින් විරහ පද විතරනෙ දැනෙන්නෙ ඒකඑ මොනව කරන්නද ඉතින් හික්ස්........

    හා පැටික්කි (MS)/
    ගොඩක් ස්තූතියි

    පබලු/
    ලස්සන පද පෙලක් ගොඩක් සතූතියි පබලු

    ස්වප්නා/
    ඔව් ඔවි එළි වෙනකන් විතරයි කුමරිය හොයන්න වෙන්නෙ සිහිනෙ ඉවර උනාම ඉතින් ඉවරයි තමා............ හික්ස්... ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට....

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...