බැස යන මල හිරු පොළව මතින් ගිල ගැනීමට මොහොතකට පෙර තම අවසන් හිරු කිරනින් එළිය වන තැඹිලිවන් පැහැය මිදුල මත ඇති සියඹලා ගස අතරිස් බේරී ගෙමිදුලතුව මතුකල රටාවන් වල සුන්දරත්වය සමග මෙය තවත් එක් දිනක අවසානයක් බව මා හට පසක් වන්නට විය.ඈත අනන්තය දෙස නෙත් යොමා බැලිමි..ගිම්හානයට වියළිව ගිය ගහ කොළත් පුපුරා දෙදරා ගිය මැටි පොළවත් මගේ තනියට මා සමග පාලු මකන බව නිමේශයකින් මට වැටහෙන්නය විය..හමා එන සුලගෙහි වියළි බව හැරුනකොට මා ගතට අන් කිසිම සිසිලසක් නොලබන බව මා පසක් කොට හමාරය. දුඹරුවන් පැහැගෙන සුලගට වැනෙනෙ පරඩැල් මගේ තනියට ඔච්චම කරනවාදැයි සැක උපදවන්නකි..
අදික කුසගින්න නිසාවෙන් යමක් පිස ගන්නට යා යුතුය.දෙපා වාරු නැත තවත් ඇවිදින්නට.මේසය මත තබා තිබු පෑනත් කොළ කැබැල්ලක් වෙත මා සිත ඈදී යත්ම අතීතය මා ඉදිරියෙහි නාටකයක් මෙන් රග දක්වන්නට විය.නුඹ නොමැවතිව ගෙවන අවුරුද්දක අවසානයට මටත් හොරෙන් මා ලංවී ඇත. අසනීපය නිසාවෙන් වියළිව ගිය දෙනෙත් මතින් හඩන්නට කදුලු නැත. වේදනා දෙන දෙනෙත පියාගෙන පෙර දින නුඹ නමින් ලියූ කවි මා ඉදිරියෙහි මැවී පෙනෙන්නට විය.මා සිතටත් හොරාවෙන් පෑන කොලයට ලංව යමක් මුමුණයි
නෙලුම් මල් නෙලා පෝ දින
සුදෝ සුදු වතින් සැරසින
දෑත් අපේ පටලාගෙන
පන්සල් ගිය හැටි මතකද
වෙලේ නියරෙ ගොයම් මතින්
පෙම් බස් මුමුණලා හොරෙන්
මද සුලගට රහස් කියන්
සිටි ඔබ අද කොහෙද කියන්
සදත් තරුත් පෙර ලෙසමයි
පිපෙන මලුත් ඒ සුවදයි
ගලන ගගත් තව තරුණයි
නුඹ මා හැර පිය නැගුවයි
මගේ මැණික කොහෙ ගියාද
මගෙ ආදරෙ මදි උනාද
වෙන තුරුලක සැනසුනාද
මං මේ ලොව තනි උනාද
වෙව්ලන දෑ ඇගිලි වලින් ඉරීගිය කඩදාසිය මතින් නෙත් ඉවතට ගතිමි..රිදුම් දෙන නෙත් කෙවෙනි තව දුරටත් මේ රංගනයෙහි යෙදීමට අවසර නොදෙයි. දෙපා පණ නැති නිසාවෙන් නැවතත් ලණු ඇද මත වැතිරුනෙමි..දෙනෙත පියන්නට අවැසි නැත.වේදනාවෙන් රිදුම් දෙන දෙනෙත මටත් හොරාවෙන් පියවී යයි..
මේ මගේ අවසානයද?.. මා සිතය වද දෙන එක් දෙයක් ඇත...මට යලි හෙට එළියවන හිරු දැකිය හැකි වේවිද..නොදනිමි මම..සිතන්නට අවැසි නැත..මා තදින් දෙනෙත පියා ගතිමි..........