Wednesday, September 22, 2010

මියැදෙන්න පෙම් කරන මම


සද තරුත් මිලිනයි
පිපි හිනැහුන මලුත් නිහඩයි
ලොවම අද නිසලයි
මං තවත් සසලයි

පුර හදත් ගිලිහුනාදෝ
රන් තරුත් සැගඋනාදෝ
ලොව තවත් එළි උනාදෝ
මං යලිත් තනි උනාදෝ

සිනා සෙන්නට වරම් නැති මුත්
හඩන්නට සිත සවිය නැතිවද
නුඹ ගැනම සිත තවත් මුමුනණ
ලොවක් නැත මට නුඹත් හැරගිය

ඔවුන් නිසලව සිනාසෙන ලොව
මමද නිහඩව හඩන සිත ලග
තවත් කුමටද පෙම් කරන සිත
ලොවක් අයදියි පෙම් සිතක් ලග

සමුගන්න ජිවිතය තණ අග
සිතක් අයදියි අසරණව තව
මියෙදෙන්න පෙම් කරන මම
කුමට තවනන් පෙම් කරන්නද?


4 comments:

  1. නුබෙ හිත අසරණ නමුත්
    මරණයට නුබ කැමති මුත්
    ඉන් සෙතක් ඇතිදැයි කියන්
    ලොවට හෝ ඔබට දැන්...

    අතැර ගිවුන් පලා
    දුවන මුවන් පසුපස
    නෙලාගත් පළා
    බිම හෙලා...

    දුක්වි පලක් නැහැ....
    මිරිගුවක් පසුපස දුවන ඇයගැන තවත්..
    ඔය හිතට දිරි ගනින්...
    නැවත් ඔතනින් නැගිටින්න නම්..
    අදුරු මතකෙට සමුදියන්...

    ReplyDelete
  2. ලස්සනයි සහෝ...රත්ගමයාගෙන් සුබ පැතුම්...............

    ReplyDelete
  3. "මියෙදෙන්න පෙම් කරන මම
    කුමට තවනන් පෙම් කරන්නද?"

    ලස්සනයි ගොඩක්...!!

    ReplyDelete
  4. හඩන සිතට වාරු දෙන්න
    සිනහ වෙන්න....
    නිහඩ නුබට සවිය වෙන්න
    දුක නිවෙන්න....
    අරුණ අරන් ජීවිතයට
    යලි වඩින්න....
    අයෙක් ඉදී නුබේ හිත ලග
    නතර වෙන්න....

    ලස්සනයි පසන් කවිය.ඒත් මියදෙන්නට පෙම් නොකර ජීවත් වෙන්න පෙම් කරන්න.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...