Wednesday, April 13, 2011

කොහොමද ඉතින් අවුරුදු බව අප දන්නේ!!


එරබඳු නැතිද අපෙ වත්තෙ ‍පිපෙන්නේ
කොවුලන් නැතිද අපෙ පැත්තේ හිදින්නේ
ඔන්චිලි නැතිද ළමයින් හට බඳින්නේ
කොහොමද ඉතින් අවුරුදු බව අප දන්නේ

හංදියෙ කඩේ ලස්සන කරලා තිබ්බා
ටවුමම පිරිලා මිනිසුන් රෙදි පිළි ගන්නා
ලොකු ලොකු සේල් දැකලා මං දැනගත්තා
අවුරුදු ඇවිත් අපිටත් නොදැනිම කියලා

රන් වන් ගොයම් නැත අලුතෙන් සහල් කියා
කමතේ නැතිය අවුරුදු සෙල්ලම් කියලා
ඉදගෙන සාලෙ අපි බැලුවා ඔන්චිලි වාරම් අහලා
අප හට පින නැතිද හද විමසුවෙ ඇයිදෝ සිතුනා

කඩයට ගොසින් මිලදී ගත හැක කියලා
කැවුමුත් නැතිය හැදුමට කුස්සියෙ ඉදලා
අරගෙන ඇවිත් කේක් කියා රස කරලා
නැකතට අපිත් කනවලු අවුරුදු සිතලා

ගමරට බලා යන මිතු‍රනි අසනු මැන
එකලොස් මසක් අප හා සිටි සන්තොසින
තනිවම ගම රට ගොසින් විදිනා අවුරුදු වරුණ
අපිටත් කියන් ආසයි එය දැනගන්නට ඉතින

අම්මා හදන කැවුමක රස දැනෙනවදෝ
එරබඳු පිපිලා රතු පාටින් පෙනෙනවදෝ
කොවුලන් නදින් හිමිදිරියම ලස්සනදෝ
අපිටත් විදින්නට අවුරුදු ගෙන එනවාදෝ

..............................................................................................

සියළු පැතුම් ඉටු වී සිත් තුටු වෙන්නයි
ලබනා අවුරුද්ද කිරියෙන් ඉතිරෙන්නයි
තබනා ඉදිරි පියවරවල් හරි යන්නයි
ආසිරි පැතුම් ඔබ සැම වෙත ගෙන ආවයි


මගේ කම්පීතරගෙ සුට්ටි දෝෂයක් නිසා අවුරුදු පැතුම කලින්ම දැම්මා.. මොකද යන්තං අටවගෙන ඉන්නෙ කම්පීතරව...

මගේ මිතුරන්ටත්, මේ බ්ලොග් එක කියවන සියලුම දෙනා ඇතුලුව ලංකා වාසී සියළුම ජනතාවට සාමය සතුට පිරි සුභම සුභ සිංහල හිංදු අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!




8 comments:

  1. " ගමරට බලා යන මිතු‍රනි අසනු මැන
    එකලොස් මසක් අප හා සිටි සන්තොසින
    තනිවම ගම රට ගොසින් විදිනා අවුරුදු වරුණ
    අපිටත් කියන් ආසයි එය දැනගන්නට ඉතින"

    ෂහ් හරිම අපූරු අදහසක් මලේ...!
    නීරෝගී බවත් සෞභාග්‍යයත් ඇලුත් අවුරුද්දේ නිරතුරුව ඔබ හා රැඳේවා...

    ReplyDelete
  2. ලොල්ය.. නියම අදහසක් අයියෙ.. ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා... :D

    ReplyDelete
  3. සුභ අළුත් අවුරුද්දක් වේවා පසනෝ...

    ReplyDelete
  4. උඹටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා මතෝ...!!

    ReplyDelete
  5. සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  6. ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා

    පතන් අයියා ඔයාටයි ඔයාගේ ගෙදර හැමෝටමයි කිරියෙන් පැණියෙන් ඉතිරෙන ඉසුරුමත් අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්තනා කරනවා.

    ReplyDelete
  7. මේ අවුරුදු කාලේ හිනාවෙයන් පසාන්නේ තෙල් ඉහිරුණ කැවුම්ගෙඩිය වාගේ.............ආහ්හා......අහා......හා....

    ReplyDelete
  8. ලස්සන කවි පෙල මල්ලියෝ.. සුභම සුභ අලුත් අවුරුද්දක් ඔයාටත්!!!

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...